Holman Katha හොල්මන් කතා කියවන්න කැමති අයට හොල්මන් කතාවක් අරන් ආවා ඔන්න.
නිමල් කියන්නෙ රජයේ ආයතයක ලිපිකරුවෙක් විදියට වැඩ කරපු කෙනෙක්. හවසට බස් එකේදි හම්බෙන ප්‍රියන්ති එක්ක නිමල් ආදර සම්බන්ධයක් ඇති කරගන්නවා. ප්‍රියන්ති වැඩ කරේ බැංකුවක. අවුරුද්දක් විතර මේ දෙන්නගෙ ආදර කතාව ලස්සනට ගලාගෙන යනවා. හැබැයි මේ ආදරේට කණ කොකා හඬන්න වැඩි කාලයක් ගියේ නෑ.
සීතල දෙසැම්බර් මාසෙ නිවාඩුවට නිමල් අලුතින් ගත්තු කාර් එකේ ප්‍රියන්තිත් එක්ක ලක්ශපාන ඇල්ලට යනවා. ඇල්ල ලඟට යද්දි හවස් වෙලා. හවස පහට විතර ඇති. කිහිප දෙනෙක් ඇල්ලෙ හිටියත් ටික වෙලාවකින් ඔවුන් පිටත් වෙනවා. මහත්තයා හවස් වෙද්දි වැඩි වෙලා මෙතන ඉන්න එපා. ඒ පිරිසෙ හිටපු වැඩිහිටි පුද්ගලයෙක් නිමල්ට අවවාදයක් දෙනවා. ඉතිං කොහොම හරි නිමලුයි, ප්‍රියන්තියි දිය ඇල්ලෙ සීතල වතුර වල පහස විඳිමින් ටික වෙලාවක් නාගන්නවා. ටික වෙලාවකින් ඇඟේ හිරිගඬු පිපෙන්න මද සුළඟක් හමනවා. මොකක් හරි විස්තර කරන්න බැරි මූසල හැඟීමක් නිමල්ගෙ හිත වෙලාගන්නවා. ඒ එක්කම පොද වැස්සකුත් වැටෙන්න පටන් ගන්නවා. දැන් අපි යමු නේද? නිමල්, ප්‍රියන්තිට කතා කරන්නෙ මොකක් හරි අත්භූත දෙයක් සිද්ද වෙනවා කියලා දැනුන නිසා. නිමල්, ප්‍රියන්තිත් එක්ක වතුරෙන් ගොඩට යනවා. ඒත් එක පාරම ප්‍රියන්තිගෙ කකුල ලිස්සලා වැටිලා ඔලුව ගලක වදිනවා. එදා ඒ මූසල දවසෙ ප්‍රියන්තිගෙ ජීවිතය අවසන් වෙනවා.
ඔය සිදුවීමෙන් අවුරුද්දකට විතර පස්සෙ නිමල් විවාහ යෝජනාවකින් කමලා එක්ක විවාහ වෙනවා. මේ දෙන්නා කසාද බැඳලා අලුත් ගෙයක් හදාගෙන පදිංචියට යනවා. කමලා රස්සාවක් කරේ නෑ. නිමල් වැඩට ගියාම කමලා තනියම තමයි ගෙදර ඉන්නෙ. මෙහෙම ටික කාලයක් යද්දි කමලා පොල් කඩන්න කාපු කඩවසම් තරුණයෙක් වෙච්චි ජගත් එක්ක අනියම් සම්බන්දයක් පටන් ගන්නවා. හැමෝගෙම ඇස් වහලා කමලා මේ අනියම් සම්බන්ධය දිගටම අරන් යනවා. ඔහොම කාලයක් යද්දි කමලා ගැබ් ගන්නවා. තමන් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තු නිමල් ගොඩක් සතුටු වෙනවා. ඒත් ආයිත් හෙණහුරා නිමල්ගෙ ජීවිතෙට එබිකම් කරනවා. දරුවා ඉපදෙද්දිම මිය ගිහිල්ලා.
හරිම දුක්බර විදියට මාස කිහිපයක් ගෙවිලා ගියාම නිමල්ට පාසල් මිතුරෙකුගෙ විවාහ උත්සවයකට ආරාධනාවක් ලැබෙනවා. මේ උත්සවය තියෙන්නෙ හවස. ඉතිං නිමල්, කමලා එක්ක කාර් එකේ මේ උත්සවයට සහභාගී වෙලා නැවත පිටත් වෙද්දි රෑ 10 විතර වෙලා. දෙන්නත් එක්ක කාර් එකේ එද්දි බස් හෝල්ට් එකේ ළමයෙකුත් වඩාගෙන ගෑණු කෙනෙක් ඉන්නවා. ඒ ගෑණු කෙනා කාර් එකට අත දාපු නිසා නිමල් කාර් එක නවත්තනවා. අනේ මහත්තයො මාව අර ඉස්සරහා හංදියෙන් දාන්න පුලුවන්ද? බෙහෙත් ගන්න ගිහිං එද්දි රෑ වුනා. ඉතිං නිමල් කාර් එකේ පිටිපස්සෙ දොර අරිනවා. අර ගෑණු කෙනා ළමයත් එක්ක පිටිපස්සෙන් වාඩි වෙනවා. ඔහොම ටික දුරක් යද්දි පිටිපස්සෙන් අමුතු සද්දයක් ආපු නිසා නිමල් පිටිපස්ස බලද්දි දකින්නෙ ඇඟ කිළිපොලා යන දර්ශනයක්. අර ගෑණු කෙනා කටෙන් ලේ පෙරාගෙන හිනා වෙනවා. ළමයෙක් වෙනුවට අතේ තියෙන්නෙ රතු පාට ලොකු ලේ කුට්ටියක්. ඒක දැකපු කමලා ගිරිය යටින් කෑ ගහනවා. කාර් එක ගහක වදිනවා. ඊලඟ දවසෙ උදේ ගමේ මිනිස්සු කාර් එක හොයාගද්දි කාර් එකේ ඉන්නෙ සිහිය නැති වෙච්චි නිමල් විතරයි. නිමල්ව රෝහල් ගත කරලා සතියකට පස්සෙ තමා සිහිය එන්නෙ. කමලට වෙච්චි දේ අදටත් අභිරහසක්. ඒ සිදුවිම වෙච්චි දවසෙම රෑ ජගත් හොරෙන් පොල් කඩන්න ගිහිං පොල් ගහෙන් වැටිලා ගලක ඔලුව වැදිලා මිය යනවා.
Holman Katha හොල්මන් කතා අහන්න කැමති අය අපේ යූටියුබ් චැනල් එක පැත්තටත් එන්න
#HolmanKatha #SinhalaGhostStories #HolmanKathaSinhala

0 Comments